Tuesday, December 24, 2013

Asus Dual Boot Tablet


දෘඩාංග ලෝකයේ දැවැතයෙක් තමයි Asus කියන්නේ.ඔවුන් 2014 පැවැත්වෙන consumer electronic show එක වෙනුවෙන් වීඩියෝ එකක් නිකුත් කරල. ලෝක ප්‍රසිද්ධ Liberty ප්‍රතිමාව යොදාගෙන තමයි වීඩියෝ එක කරලා තියෙන්නේ.වීඩියෝ එකේ ප්‍රතිමාව tablet 2ක් අත් 2කෙ තියන් ඉන්නව.එක tablet එකක පාට කොළ හා නිල්  පාටට මාරු වෙනව.ඔවුන් මෙයින් අදහස් කරන්නේ CES එකේදි dual boot tablet එකක් ඉදිරිපත් කිරීමක් ගැනද?මෙහි කොළ පාට Android සදහාත් නිල් පාට Windows OS එක සදහාත් වෙන්න පුළුවන්.වීඩියෝ එකම බලන්නකෝ.

Monday, December 23, 2013

Samsung Fitness Band....


අලුත්ම gossip එක Samsungලගේ fitness tracking wristband එක. කොරියානු මුලාශ්‍රයකට අනුව මෙය ලබන අවුරුද්දේ mobile world congress එකේදි එළිදක්වයි කියල සදහන් වෙනව.Galaxy band ලෙස මෙය නම් වී තිබුනට එය වෙනස් වෙන්න පුළුවන්.මෙයට Bluetooth හරහා smartphone එකට හෝ tablet එකට සම්බන්ද වීමට හැකි වේවි.මෙය පැළද සිටින්නාගෙ චලනයන් වගේම පරිසරය පිළිබද දත්ත ලබාදීම, GPS Navigation යන අංග මෙයට ඇතුල් වේවි.මේ ගැන ලැබෙන අලුත්ම තොරතුරු ඔයාලට ගේන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනව...  

iPhone හා iPad සදහා 2013 වසරේ හොදම game...


Game ගැන විස්තර ඇතුලත් කරල නෑ.මේ හැම එකක්ම හොදයි.ඔයාලම try කරලා බලන්න.නම් ටික පහල තියනව.

Rayman Fiesta Run
Castle of Illusion Starring Mickey Mouse
The Room 2
Grand Theft Auto: San Andreas
Oceanhorn
Star Wars: Knights of the Old Republic
Deus Ex: The Fall
Papa Sangre II
Clumsy Ninja
Infinity Blade III
Device 6
The Walking Dead: Season 2 (Episode 1)
The Wolf Among Us (Episode 1)
Ridiculous Fishing - A Tale of Redemption
Angry Birds Star Wars 2
Plants vs. Zombies 2
XCOM: Enemy Unknown
Limbo
Cut the Rope 2